
දකුණු අප්රිකාවට විශිෂ්ට ජයක්
2023 එක්දින ලෝක කුසලානයේ 32වැනි තරගයේ ජය වාර්තා කිරීමට දකුණු අප්රිකා කණ්ඩායම සමත් වුණා.
ඒ නවසීලන්ත කණ්ඩායම ලකුණු 190කින් පරාජයට පත් කරමින්.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්රිකානු කණ්ඩායම ලකුණු 357ක් රැස් කර ගැනීමට සමත් වුණා.
ඒ නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් දැවී සිටියදීයි.
පිළිතුරු ඉණිම ක්රීඩා කිරීම සඳහා පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 35ක් තුළ කඩුළු සියල්ල දැවී ලකුණු 167ක් ලබා ගත්තා.
ඒ අනුව දකුණු අප්රිකානු කණ්ඩායමට ලකුණු 190ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට හැකියාව ලැබුණා.


