දකුණු අප්‍රිකාවෙන්, රුසියාවෙන් සහ චීනයෙන් සිම්බාබ්වේ ජනපතිට සුබ පැතුම්

දකුණු අප්‍රිකාවෙන්, රුසියාවෙන් සහ චීනයෙන් සිම්බාබ්වේ ජනපතිට සුබ පැතුම්

මතභේදාත්මක මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව දකුණු අප්‍රිකාව, රුසියාව සහ චීනය සිම්බාබ්වේ ජනාධිපති Emmerson Mnangagwa වෙත සුබපැතුම් පිරිනමා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

මේ අතර, විපක්ෂය විසින් මෙම මැතිවරණය වංචාවක් ලෙස විස්තර කර ඇති බවද සඳහන් වනවා

මැතිවරණය පිළිබඳ පවතින විවේචනවලට එක්සත් ජනපදය අදහස් දක්වමින් පවසා ඇත්තේ සමහර මැතිවරණ ප්‍රතිඵල ආකෘති වෙනස් කිරීමට නිරීක්ෂකයින්ට බල කෙරුණු බවට විශ්වාසදායක වාර්තා ඇති බවයි

කෙසේවෙතත් මැතිවරණ කොමිසම මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා

සිම්බාබ්වේට එරෙහිව පනවා ඇති සම්බාධක හේතුවෙන් මැතිවරණය පැවතියේ දුෂ්කර ආර්ථික වාතාවරණයක් යටතේ බව දකුණු අප්‍රිකානු ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන්

 

Share This