දකුණු අප්‍රිකාවේ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 22ක් මරුට

දකුණු අප්‍රිකාවේ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 22ක් මරුට

දකුණු අප්‍රිකාවේ නැගෙනහිර වෙරළ තීරයේ ධාරානිපාත වර්ෂාව සහ දරුණු සුළං හේතුවෙන් ඇති වූ ගංවතුර නිසා අවම වශයෙන් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

නැගෙනහිර පළාත් දෙකක ස්ථාන කිහිපයකට ගංවතුර තත්ත්වයක් පවතින අතර දුර්ලභ ටොනේඩෝ දෙකක බලපෑමක්ද එල්ල වී ඇති බව සඳහන්.

එමෙන්ම පුද්ගලයින් 55 දෙනෙකු තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා

Share This