දකුණු අප්‍රිකාවේ පොප් ගායිකා Zahara ජීවිතක්ෂයට

දකුණු අප්‍රිකාවේ පොප් ගායිකා Zahara ජීවිතක්ෂයට

දකුණු අප්‍රිකාවේ ජනප්‍රිය සංගීත ශිල්පිනී Zahara ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඇය මිය යනවිට 35 හැවිරිදි වියේ පසුවූ බවයි සඳහන් වන්නේ

සම්මානලාභී දකුණු අප්‍රිකානු ඇෆ්‍රෝ-පොප් ගායිකා Bulelwa Mkutukana, Zahara ලෙසින් ප්‍රසිද්ධියට පත්ව සිටි බව එරට සංස්කෘතික අමාත්‍යවරයා නිවේදනය කර තිබෙනවා

පසුගිය මාසයේදී පවුලේ අය ඇය රෝහල් ගත කර ඇති බව තහවුරු කර තිබුණා

පසුව ඇය සඳුදා(11) රාත්‍රියේ ජොහැන්නස්බර්ග් රෝහලකදී අභාවප්‍රාප්ත වූ බව රජයේ SABC ප්‍රවෘත්ති වෙබ් අඩවිය වාර්තා කර ඇති නමුත් ඇයගේ පවුලේ අය තවමත් නිල ප්‍රකාශයක් නිකුත් කර නැහැ

මෙම ශිල්පිනිය 2011 දී අප්‍රිකාව පුරා ආදරය කරන ලද Loliwe ඇල්බමය සමග කීර්තියක් දිනා ගත් බවද විදෙස් මාධ්‍ය පවසනවා

ඇල්බම් පහක් නිකුත් කළ Zahara දේශීය හා ජාත්‍යන්තර සම්මාන රැසක් දිනා ගෙන තිබෙනවා

Share This