
දකුණු ඊශ්‍රායලයේ හමුදා කඳවුරක පිපිරීමක්
දකුණු ඊශ්‍රායලයේ හමුදා කඳවුරක සිදුවූ බෝම්බ පිපිරීමකින් සෙබළුන් 9 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඔවුන්ගෙන් දෙදෙනෙකු බරපතළ තත්ත්වයේ පසුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් ඊශ්‍රායල හමුදාව විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.