
දකුණු කොරියානු ජනාධිපති රැඳවුම් භාරයෙන් නිදහස්
රටට එරෙහි කුමන්ත්‍රණ කළ බවට වන චෝදනාවට අදාළව අත්අඩංගුවට ගත් දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් රැඳවුම් භාරයෙන් නිදහස ලබා තිබෙනවා.
අධිකරණය ලබාදුන් තීන්දුවකට අනුව ඔහු මෙලෙස නිදහස් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේවෙතත් ඔහුට එරෙහිව පනවනු ලැබූ නඩුව තවදුරටත් ක්‍රියාත්මකයි.
දකුණු කොරියාවට හමුදා නීතිය හඳුන්වාදීමට ගත් තීන්දුවත් සමග යුන් සුක් යෝල් දී අප්‍රසාදයට ලක්වුණා.
එම තීරණය පැය කිහිපයක් තුළ හකුලාගැනීමට ඔහුට සිදුවූ අතර විමර්ශනයක් ද සිදු කෙරුණා.