දකුණු කොරියානු විපක්ෂ නායකයාට තියුණු ආයුධයකින් පහර දීමක්

දකුණු කොරියානු විපක්ෂ නායකයාට තියුණු ආයුධයකින් පහර දීමක්

දකුණු කොරියාවේ දේශපාලන විරුද්ධ පක්ෂයේ නායකයාට දකුණු දිග වරාය නගරයක් වන බුසාන් හි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී තියුණු ආයුධයකින් පහර දී ඇති බව Yonhap ප්‍රවෘත්ති ඒජන්සියේ වාර්තාවක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Lee Jae-myung ගේ බෙල්ලේ වම් පැත්තට තියුණු ආයුධයෙන් පහර දී ඇති අතර ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන්

ප්‍රහාරයෙන් විනාඩි 20කට පමණ පසු Lee Jae-myung රෝහලකට මාරු කර යවා ඇති බවත් ඒ වන විට ඔහු සිහියෙන් සිටි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

ප්‍රහාරකයා වයස අවුරුදු 50 හෝ 60 ගණන්වල පසුවන්නෙකු ලෙස දක්නට ලැබුණු බවයි එරට පුවත් වාර්තා කරන්නේ .

ආයුධයෙන් පහරදීමට පෙරාතුව, අත්සනක් ඉල්ලා Lee Jae-myung වෙත පැමිණි බවද සඳහන්

59 හැවිරිදි Lee Jae-myung කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකත්වය දරණු ලබනවා .

ඔහු දැනට දකුණු කොරියාවේ ව්‍යවස්ථාදායකයේ සාමාජිකයෙකු නොවන නමුත් 2024 අප්‍රේල් මාසයේදී පැවැත්වෙන මීළඟ මහ මැතිවරණයේදී ආසනයක් සඳහා තරග කරනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂාවෙන් සිටි බවයි පැවසෙන්නේ

ඔහු 2022 පැවති ජනාධිපතිවරණයෙන් 0.73% ඡන්ද වෙනසකින් වත්මන් ජනාධිපති Yoon Suk-yeolට පරාජය වුණා

එය දකුණු කොරියානු ඉතිහාසයේ ආසන්නතම ජනාධිපති තරගය බවට පත් කළ අතර ඔහු 2027 මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කළා .

Share This