දකුණු කොරියාවේ අධිවේගී මාර්ග ඉදිකිරීම් ව්‍යාපෘතියක කොටසක් කඩා වැටෙයි

දකුණු කොරියාවේ අධිවේගී මාර්ග ඉදිකිරීම් ව්‍යාපෘතියක කොටසක් කඩා වැටෙයි

දකුණු කොරියාවේ අධිවේගී මාර්ග ඉදිකිරීම් ව්‍යාපෘතියක කොටසක් කඩා වැටීමෙන් කම්කරුවන් සිව් දෙනෙකු මියගොස් තිබෙනවා.

සෝල් අගනුවරට දකුණින් පිහිටි ප්‍රදේශයක අධිවේගී මාර්ග ඉදිකිරීම් ව්‍යාපෘතියක කොටසක් මෙලෙස කඩා වැටීමකට ලක්ව ඇති අතර එම සිදුවීමෙන් තවත් 6 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මියගිය අයගෙන් දෙදෙනෙකු චීන ජාතිකයින් වන බව සඳහන්.

මෙම අනතුර හේතුවෙන් තවත් පිරිසක් අතුරුදන්ව සිටින අතර ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ඒ සඳහා නිලධාරීන් 150 දෙනෙකුට ආසන්න පිරිසක් සහ හෙලිකොප්ටර් යානා තුනක් යොදවා තිබෙනවා.

Share This