දකුණු කොරියාවේ පැතිර ඇති මකුණන් උවදුර පාලනයට පියවර

දකුණු කොරියාවේ පැතිර ඇති මකුණන් උවදුර පාලනයට පියවර

දකුණු කොරියාවේ ව්‍යාප්ත වී ඇති මකුණන් උවදුර පාලනය කිරීමට එරට බලධාරීන් කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා

සෝල් අගනුවර වොන් මිලියන 500ක් වෙන් කර ඇති අතර මකුණන්ට එරෙහිව ප්‍රතිචාර කණ්ඩායමක්ද පිහිටුවා ඇති බව සඳහන් .

දකුණු කොරියාවට පෙර, ප්‍රංශයේ සහ එක්සත් රාජධානියේ ද මකුණන් පැතිරුණු බව විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළා

සැප්තැම්බර් මස මුලදී, නිරිතදිග ඩේගු නගරයේ විශ්වවිද්‍යාලයකින් දකුණු කොරියාවේ මකුණන් ආක්‍රමණය වාර්තා වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

මකුණන් පසුව සංචාරක නවාතැන් සහ පොදු ස්ථානවලින් වාර්තා වීමට පටන් ගැනුණා .

සමහර දකුණු කොරියානුවන් මකුණන්ට බියෙන් සිනමාහල්වලින් සහ පොදු ප්‍රවාහනයෙන් ඈත්ව සිටින බවද සඳහන්

සෝල් හි ජනතාව මහජන සෞඛ්‍ය මධ්‍යස්ථාන වෙත ගොස් ඔවුන්ගේ කෘමීන් දෂ්ට කිරීම් පරීක්ෂා කරන ලෙස ඉල්ලා සිටින අතර ඔවුන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව උපදෙස් ලබා ගන්නා බවද ප්‍රාදේශීය වාර්තා පවසනවා.

සෝල් හි මෙට්‍රොපොලිටන් රජය හෝටල් සහ නානකාමර ඇතුළු පොදු පහසුකම් 3,200ක් පමණ ඒවායේ සනීපාරක්ෂක තත්ත්වයන් පිළිබඳව තක්සේරු කිරීම සඳහා පරීක්ෂා කිරීම්වල නිරතවීමට නියමිත බවද වාර්තා වනවා .

Share This