දකුණු කොරියාවේ පිහි ඇණුමකින් අයෙක් මරුට – තිදෙනෙකුට තුවාල

දකුණු කොරියාවේ පිහි ඇණුමකින් අයෙක් මරුට – තිදෙනෙකුට තුවාල

දකුණු කොරියාවේ සෝල් අගනුවර උමං දුම්රිය ස්ථානයක් අසල සිදු කළ පිහි ඇණුමකින් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ සැකකරු වයස අවුරුදු 30ක් පමණ වන අතර එම ස්ථානයේ සිටි ආරක්ෂක අංශ විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එමෙන්ම නිල සංඛ්‍යාලේඛනවලට අනුව දකුණු කොරියාව සාමාන්‍යයෙන් අතිශය ආරක්‍ෂිත රටක් වන අතර, 2021 දී පුද්ගලයන් 100,000 කට 1.3 ක මිනීමැරුම් අනුපාතයක් සටහන්ව තිබෙනවා.

බොහෝ දකුණු කොරියානුවන්ට වසර දෙකක අනිවාර්ය හමුදා සේවයක් කළ යුතු අතර මේ හේතුවෙන් එරට සියලුම පිරිමින්් පුහුණු වෙඩික්කරුවන් බව සඳහන්.

Share This