
දයාසිරි අදත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට
රේගු පරීක්ෂාවකින් තොරව මුදාහැර ඇති බව කියන බහාලුම් 323 සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (06) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ, බහාලුම් මුදාහැරීම ගැන කැඳවිය යුතුව ඇත්තේ විෂයභාර අමාත්‍යවරයා හා නිදහස් කළ කමිටුව බවයි.
එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආණ්ඩුවේ ආයතනයක් බවට පත්කරගෙන ඇති බවත්, විපක්ෂය මර්දනය කිරීමට හා ආණ්ඩුවේ අයව බේරීමටත් එම දෙපාර්තමේන්තුව යොදාගන්නා බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.