දරුණු විරෝධතා මැද නේපාල අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වේ (VIDEO)

‘ජෙනරාල් ඉසෙඩ් විරෝධතාකරුවන්’ විසින් මෙහෙයවන ලද දින දෙකක ප්‍රචණ්ඩ දූෂණ විරෝධී උද්ඝෝෂණවලින් පසු අද(09) නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලි ඉල්ලා අස්වී තිබෙනවා.

මෙම විරෝධතා හේතුවෙන් එරට පුද්ගලයින් 21 දෙනෙකු මිය ගොස් 100 ක් පමණ තුවාල ලැබූ බව වාර්තා වුණා.

ඔහුගේ සහායක ප්‍රකාශ් සිල්වාල් රොයිටර් පුවත් සේවයට පැවසුවේ අගමැතිවරයා ඉල්ලා අස්වූ බවයි.

නේපාල අගමැතිවරයා හමුදාවට අය්ත් හෙලිකොප්ටරයකින් තම කාර්යාලයෙන් පිටව යන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන නිකුත් වී තිබෙනවා.

ඉන් ටික වේලාවකට පසු නේපාල රජයේ ප්‍රධාන ලේකම්වරයා සන්සුන් වන ලෙස දැඩි ආයාචනයක් නිකුත් කළා.

“… ගරු අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම පිළිගෙන ඇති බැවින්, මෙම තීරණාත්මක තත්ත්වය තුළ තවදුරටත් ජීවිත හා දේපළ හානි වැළැක්වීම සඳහා සංයමයෙන් කටයුතු කරන ලෙස අපි සියලු පුරවැසියන්ගෙන් අවංකවම ඉල්ලා සිටිමු…” යැයි ඔහු පැවසුවා.

73 හැවිරිදි නේපාල අග්‍රාමාත්‍යවරයා සියලුම නේපාල දේශපාලන පක්ෂවල රැස්වීම්වල මුලසුන දැරූ අතර, ‘ප්‍රචණ්ඩත්වය ජාතියේ යහපතට හේතු නොවේ’ යනුවෙන් පැවසුවා.

නේපාල අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම ජෙනරාල් ඉසෙඩ් විරෝධතාකරුවන්ගේ මූලික ඉල්ලීමක් වුණා.

කෙසේ වෙතත්, නේපාලයේ, අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉවත් වීම යනු රජය බිඳ වැටී ඇති බව ස්වයංක්‍රීයව අදහස් නොවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ඔලි මහතා හිමාලයානු ජාතියේ විධායකයේ ප්‍රධානියා වූ නමුත් රජයේ ප්‍රධානියා වන්නේ ජනාධිපති රාම් චන්ද්‍ර පවුඩෙල්.

කෙසේ වෙතත්, ඉන්දීය මාධ්‍ය පැවසුවේ, පවුඩෙල් මහතා ද ඉල්ලා අස්වී රජය සම්පූර්ණයෙන්ම පෙරළා දැමීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් බවයි.

Share This