දවුලගලදී දැරියක පැහැරගැනීමේ සිද්ධියේ තොරතුරු රැසක් එළියට
දවුලගල ප්‍රදේශයේදී ගැහැණු ළමයෙකු පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් තුනක් විසින් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.
සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන වෑන් රථයකින් පැමිණි පුද්ගලයින් පිරිසක් විසින් ගැහැණු ළමයෙකු පැහැරගෙනයාමේ සිද්ධියක් ඊයේ (11) උදෑසන කාලයේදී වාර්තා වී තිබුණා.
එම සිසුවිය හන්දෙස්ස ප්‍රදේශයේ නේවාසිකව සිටින දැරියක් වන අතර සිය මිතුරියක සමග පාසලට පිටව යන අවස්ථාවේ වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් අදාළ පැහැරගැනීම සිදු කර ඇති බව සඳහන්.
එම පැහැරගැනීම පුද්ගලික හේතුවක් මත සිදු කර ඇති බවට පොලිසිය සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
ඒ සඳහා යොදා ගත් වෑන් රථය පොළොන්නරුව ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇති අතර එහි රියදුරු අද ගම්පොල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
සැකකරු 30 හැවිරිදි වියේ පසුවන ගම්පොල කහටපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා.
පැහැරගැනීමට ලක්වූ දැරිය සහ සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.