ද්විපාර්ශ්වික ණය ගිවිසුම ප්‍රතිව්‍යූහගත කිරීම කඩිනම් කරන්න ප්‍රංශ රජය කැමැත්ත

ද්විපාර්ශ්වික ණය ගිවිසුම ප්‍රතිව්‍යූහගත කිරීම කඩිනම් කරන්න ප්‍රංශ රජය කැමැත්ත

ද්විපාර්ශ්වික ණය ගිවිසුම ප්‍රතිව්‍යූහගත කිරීම කඩිනමින් අවසන් කිරීමට ප්‍රංශය කැමැත්ත පළ කර තිබෙනවා.

ප්‍රංශ තානාපති රෙමි ලැම්බර්ට් මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර අමාත්‍යංශයේ දී පැවති සාකච්ඡාවක දී යි මෙම එකඟතාවයට පැමිණ ඇත්තේ

ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කරන දූරදර්ශී ආර්ථික ක්‍රියාදාමය අගය කළ තානාපතිවරයා , ජාත්‍යන්තර කටයුතුවලදී ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ප්‍රංශ රජය කැමැත්ත කළ කරන බවද එහිදී සඳහන් කර තිබෙනවා

Share This