ද්විපාර්ශ්වික සබඳතා ඉහළ නැංවීමට චීනය හා ඉන්දියාව අතර එකඟතාවක්

ද්විපාර්ශ්වික සබඳතා ඉහළ නැංවීමට චීනය හා ඉන්දියාව අතර එකඟතාවක්

ද්වීපාර්ශ්වික සබඳතා ඉහළ නැංවීමට අදාළ තත්ත්වයන් සැකසීම වෙනුවෙන් එක්ව ක්‍රියා කිරීමට චීනය හා ඉන්දියාව එකඟතාව පළ කර තිබෙනවා

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික මෙන්ම එම සභාවේ ‍විදේශ කටයුතු කාර්යාලයේ අධ්‍යක්ෂ,විදේශ අමාත්‍ය වං යී මහතා ඉන්දීය ජාතිකාරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා සමග රුසියාවේ සාන්ත පීටර්ස්බර්ග් නග‍රයේ දී සිදු කළ සාකච්ඡාවේදී මෙම එකඟතාව පළව ඇත්තේ

බ්‍රික්ස් සංවිධානයේ ආරක්ෂක කරුණු පිළිබඳ වගකීම් භාර උසස් මට්ටමේ නිලධාරීන්ගේ රැස්වීමට පරිබාහිරව මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා

එහිදී දේශසීමා කරුණු සම්බන්ධයෙන් පැවති මෑත කාලීන සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳ ඔවුහු අදහස් හුවමාරු කර ගෙන ඇති අතර චීන ඉන්දීය සබඳාතාවන්හී ස්ථාවරත්වය මූලධර්මීය වශයෙන් මෙන්ම දෙරට ජනතාවගේ දිගු කාලීන අභිලාෂයන් හා කලාපීය සාමය හා සංවර්ධනයට වැදගත් බව එහිදී පෙන්වා දී ඇති බව සඳහන්

මීට අමතරව දෙරටේ නායකයන් එළඹි එකඟතාවන් ක්‍රියාත්මක කිරීමට චීනය හා ඉන්දියාව එකඟවී තිබෙනවා

Share This