
දිනයක් වෙලාවක් වෙන් කරගෙන පාස්පෝට් හදන්න එන්න
විදේශ ගමන් බලපත් සදහා අයදුම් කිරීමේ නව ක්‍රමවේදය අද (19) සිට ක්‍රියාත්මක කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා
ඒ අනුව අයදුම්කරුවෙකු නව විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීමට හෝ අලුත් කරගැනීම සඳහා www.immigration.gov.lk වෙබ් අඩවිය ඔස්සේ අනිවාර්යෙන්ම දිනයක් හා වේලාවක් වෙන් කරගත යුතු අතර එක්දින සේවය හා සාමාන්‍ය සේවය යන දෙවර්ගය සඳහාම එය වලංගු වන බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ
එමෙන්ම ලියාපදිංචි වීමෙන් අනතුරුව ගමන් බලපත් ලබා ගැනීමේ අවස්ථාව හිමි වන්නේ ප්‍රමුඛතා ක්‍රමවේදයක් අනුකූලවයි
කෙසේ වෙතත් අදාළ ක්‍රමවේදය සම්බන්ධයෙන් දැනුවත් කිරීම් සිදු කර තිබුණද අද (19) උදෑසනත් ජනතාව විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා බත්තරමුල්ලේ ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත පැමිණ තිබුණා
මේ හේතුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට දිගු පෝලිම් හා තදබදයක් දක්නට ලැබුණා