දිනෙන් දින ඉහළ යන ඩෙංගු රෝගීන්

දිනෙන් දින ඉහළ යන ඩෙංගු රෝගීන්

අධික වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් පිළිබඳව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබෙනවා.

පසුගිය සති කිහිපය තුළ ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වාදෙන්නේ.

අධි අවදානම් ඩෙංගු කලාප 20ක් මේ වන විට හඳුනාගෙන තිබෙනවා.

ඊයේ (01) දිනය වන විට මෙරට ඩෙංගු රෝගීන් 36,728 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

එම සංඛ්‍යාව 9012ක් වනවා.

Share This