දින හයකට පසු යළි විවෘත වන අයිෆල් කුළුණ

දින හයකට පසු යළි විවෘත වන අයිෆල් කුළුණ

පැරීසීයේ අයිෆල් කුළුණ දින 06කට පසු යළි සංචාරකයින් සඳහා විවෘත කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

වැඩ වර්ජනයක් හේතුවෙන් දින හයක කාලයක් අයිෆල් කුළුණ තාවකාලිකව වසා දැමුණා.

අයිෆල් කුළුණේ ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් ඇති වු ගැටලුවක් මුල් කර ගෙනයි එහි සේවකයින් වැඩ වර්ජනයක නිරත වුණේ.

එමෙන්ම, අදාළ ගැටලු සම්බන්ධයෙන් වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කර ගිවිසුමකට එළඹුණු බවයි එහි පාලනාධිකාරිය සඳහන් කර ඇත්තේ.

කෙසේ වෙතත් පසුගිය මාස තුන තුළ සිදු වූ දෙවන එවැනි වර්ජනය මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ලබන ජූලි මාසයේ පැරීසියේ පැවැත්වීමට නියමිතයි

Share This