දියගම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයට නව අධ්‍යක්ෂක ජනරාල්වරයෙක්

දියගම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයට නව අධ්‍යක්ෂක ජනරාල්වරයෙක්

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් දියගම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයට නව අධ්‍යක්ෂක ජනරාල්වරයෙක් පත් කර තිබෙනවා.

ඒ අනුව දියගම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයේ අධ්‍යක්ෂක (ව්‍යාපෘති පාලන හා නඩත්තු) ජනරාල්වරයා වශයෙන් මේජර් ජෙනරාල් ටී. සී. හරස්ගම ආර්එස්පී මහතා පත්වීම් ලැබුවා.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයා අතින් ඊට අදාළ පත්වීම් ලිපිය ටී. සී. හරස්ගම මහතා විසින් බාරගත්තා.

 

Share This