
දියේ ගිලීම් වලින් දරුවන් 05 ක් ජීවිතක්ෂයට
මඩකලපුව වාකරේ පනිච්චන්කේනි වැවේ දිය නෑමට ගිය දරුවන් තිදෙනෙක් සහ උමාඔයේ දිය නෑමට ගිය දරුවන් දෙදෙනෙක් දියේ ගිලී මියගොස් තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ අදාළ දරුවන් 05 දෙනාම වයස අවුරුදු 10ත් 11ත් අතර පසුවන බවයි.
වැලිමඩ පොලිස් වසමේ ලබුතොට ප්‍රදේශයේ උමා ඔය දිය නෑමට ගිය ළමුන් දෙදෙනෙක් අද පස්වරුවේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ එලෙස මියගොස් ඇත්තේ ගිරාඹේ සහ මොරගොල්ල ප්‍රදේශයන්හි පදිංචි වයස අවුරුදු 10ක පිරිම් ළමුන් දෙදෙනෙක් බවයි .
මේ අතර වාකරේ පනිච්චන්කේනි ප්‍රදේශයේ පදිංචි කුඩා දරුවන් තිදෙනෙක් ඊයේ පස්වරුවේ සිය ඥාතින් සමඟ පනිච්චන්කේනි වැවට දියනෑමට ගිය අවස්ථාවේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්වුණා.
දරුවන් තිදෙනා දිය නාමින් සිට ඇති අතර ඔවුන් සමඟ ගිය ඥාතීන් මසුන් ඇල්ලීමේ කටයුත්තක නිරතව ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී දිය නාමින් සිටි දරු තිදෙනා වැලි හෑරු වලකට වැටී ඇති අතර පසුව ප්‍රදේශවාසීන්ගේ සහය මත ඔවුන් ගොඩගෙන තිබුණා.
ඒ වන විටත් ඔවුන් මියගොස් සිට ඇති අතර එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 10 ක දියණියන් දෙදෙනෙක් සහ වයස අවුරුදු 11 ද පුතෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.