දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල්ට ඇප

දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල්ට ඇප

මාසයකට වැඩි කාලයක් දූෂණ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටි දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල්ට ඇප නියම කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ඉස්ලාමීය අන්තවාදී සංවිධානයක් වන එස්.එෆ්.ජේ වෙතින් දේශපාලන අරමුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ජාතික විමර්ශන ඒජන්සිය විසින් පරික්ෂණයක් ආරම්භ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ, දිල්ලි ආණ්ඩුකාර වී.කේ. සක්සේනාගේ චෝදනාවලට අදාළවයි.

කෙසේ වෙතත් මහ ඇමැති කෙජ්රිවාල් මෙම චෝදනා ප්‍රතික්ෂේක කර තිබෙනවා.

ඔහු පවසන්නේ ඔහු සහ ඔහුගේ ආම් ආද්මී පක්ෂය දේශපාලන පළිගැනීම්වලට ලක් වී ඇති බවයි.

Share This