දිවයිනට ආ නවසීලන්ත නියෝජ්‍ය අගමැති

දිවයිනට ආ නවසීලන්ත නියෝජ්‍ය අගමැති

නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා දිවයිනට පැමිණ තිබෙනවා.

ඊයේ රාත්‍රියේ (24) දිවයිනට පැමිණ ඇති ඒ මහතාව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා විසින් පිළිගනු ලැබුවා.

2013 වසරෙන් පසු නවසීලන්ත විදේශ විදේශ අමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවේ සිදුකරන පළමු සංචාරයද මෙය වනවා.

විදේශ අමාත්‍යවරයාගේ මෙම නිල සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ විදේශ අමාත්‍ය විජිත හේරත්ද හමුවීමටයි නියමිතව ඇත්තේ.

නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍යවරයා ලබන 28 වැනිදා දක්වා මෙරට සංචාරයේ නිරත වනු ඇති.

නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා විසින් ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, නේපාලය සහ ඉන්දියාව යන රටවල සංචාරය කිරීමට නියමිත අතර ශ්‍රී ලංකාවේ නිල සංචාරයෙන් අනතුරුව ඒ මහතා ඉන්දියාව සහ නේපාලය බලා පිටත්ව යාමටද නියමිතව තිබෙනවා.

Share This