දිවයින පුරා කොවිඩ් වැළඳුණු වෛද්‍යවරු ගණන

දිවයින පුරා කොවිඩ් වැළඳුණු වෛද්‍යවරු ගණන

දිවයින පුරා වෛද්‍යවරු 209 දෙනකුට කොරෝනා ආසාදිත වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරනවා

මේ වන විට වෛද්‍යවරු 30ත් 40ත් අතර ප්‍රමාණයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, එක් වෛද්‍යවරයෙක් අසාධ්‍ය තත්ත්වයෙන් හදිසි ප්‍රතිකාර ඒකකයක ප්‍රතිකාර ලබන බවද එම සංගමය සදහන් කරනවා

දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබු මේ පුවත පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා.

එමෙන්ම ගාල්ල කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන ඉඳුරුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාද අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවද එම සංගමයේ ප්‍රකාශකයෙක් සඳහන් කරනවා

කොරෝනා වෛරසයේ සංකූලතා හේතුවෙන් මේ වන විට වෛද්‍යවරු තිදෙනකු මියගොස් ඇති බව ද එම ප්‍රකාශකයා සදහන් කරනවා .

කෑගල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා, රාගම රෝහලේ වෛද්‍යවරු දෙදෙනකු කොරෝනා රෝගයෙන් මේ වන විට එසේ ජීවිතක්ෂයට පත්වූ වෛද්‍යවරු තිදෙනායි .

වෛද්‍යවරුන්ට කොරෝනා රෝගය වැළැදීම ඉතාමත් වේගයෙන් සිදුවන බවත් වෛද්‍යවරුන් ලෙඩවීමෙන් ළඟම ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කළ යුතුව ඇති බැවින් වෛද්‍ය ක්ෂේත්‍රයේ බොහෝ පිරිස් සේවාවලින් ඉවත් විම තුළ විශාල අර්බුදයක් මතුව ඇතැයි ද එම සංගමය වැඩිදුරටත් සඳහන් කරනවා

කොරෝනා ආසාදිත වෛද්‍යවරුන් අතර, කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් 27 දෙනකුද හෝමාගම රෝහලේ වෛද්‍යවරුන් 17 දෙනකු ද ඇතුළත් බවයි පැවසෙන්නේ

මේ අතර, දිවයින පුරා පවුල් සෞඛ්‍ය සේවිකාවන් 1000කට පමණ මේ වන විට කොරෝනා ආසාදිතව ඇති බවටද වාර්තාවී තිබෙන බව එම පුවත්පත වැඩිදුරටත් සඳහන් කරනවා

Share This