
දිවුරුම් දුන් නව අභියාචනාධිකරණ විනිසුරුවරුන්
අභියාචනාධිකරණයට නව විනිසුරුවරුන් තිදෙනෙකු පත් කර තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම දිවුරුම් දීම සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ඒ අනුව මහාධිකරණ විනිසුරුවරුන් වන ඩබ්ලිව්. කේ. එස්. යූ ප්‍රේමචන්ද්‍ර, කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු, ඒ.ප්‍රේමශංකර් යන මහත්වරු අභියාචනාධිකරණය සඳහා නව විනිසුරුවරුන් ලෙස පත් කර තිබෙනවා.