දිස්ත්‍රික්ක 11 සඳහා පනවා තිබූ නායයෑම් අවදානම් තවදුරටත්

දිස්ත්‍රික්ක 11 සඳහා පනවා තිබූ නායයෑම් අවදානම් තවදුරටත්

පවතින කාළගුන තත්ත්වය මත දිවයිනේ දිස්ත්‍රික්ක එකොළහක් සඳහා පනවා තිබූ නායයෑම් අවදානම් නිවේදනය තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) කටයුතු කර තිබෙනවා.

ඒ අනුව, බදුල්ල, කළුතර, කොළඹ, ගාල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහායි.

මේ අතර අවදානම් සහිත ප්‍රදේශවල ජනතාව ආපදා තත්ත්වයන් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය වැඩිදුරටත් දැනුම් දෙන්නවා.

Share This