දීග ගිය ලොව මිටිම යුවල – ගිනස් ලෝක වාර්තාවටත් හිමිකම් කියයි

දීග ගිය ලොව මිටිම යුවල – ගිනස් ලෝක වාර්තාවටත් හිමිකම් කියයි

ගිනස් ලෝක වාර්තා සංවිධානය නිරන්තරයෙන් කැපී පෙනෙන මානව ජයග්‍රහණ හඳුනා ගන්නා අතර මෑත කාලීනව ගිනස් ලෝක වාර්තා ලැයිස්තුවට තවත් සුවිශේෂී අංගයක් එක් වී තිබෙනවා.

ඒ ලොව මිටිම විවාහක යුවළ ලෙස නිල වශයෙන් හිමිකර ගැනීමට බ්‍රසීල ජාතික යුවළක් වන Paulo Gabriel da Silva Barros සහ Katyucia Lie Hoshino සමත් වීමත් සමගයි.

මෙය ආදරය පිළිබඳ හද උණුසුම් කරවන කතාවක් ඉස්මතු කරන බවයි ගිනස් ලෝක වාර්තා සංවිධානය පෙන්වා දෙන්නේ.

සමාජීය පීඩනයන්ට යටත් වෙනවා වෙනුවට මේ යුවළ ඔවුන්ගේ භෞතික ලක්ෂණ අඳුරගෙන ජීවිත කාලයටම හවුල්කාරිත්වයක් ගොඩනගා ගැනීමට තීරණය කළා.

2006 වර්ෂයේදීයි මෙම යුවළ ප්‍රථමවරට මුණගැසී ඇත්තේ.

ඒ අනුව විවාහයට ප්‍රථම ඔවුන් වසර 15 කට වැඩි කාලයක් ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට කටයුතු කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව වයස අවුරුදු 31 සහ 28 වියෙහි පසුවන Paulo Gabriel da Silva Barros සහ Katyucia Lie Hoshino යුවළ ලොව මිටීම විවාහක යුවළ බවට ගිනස් ලෝක වාර්තා සංවිධානය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.

Share This