දීපවාලි දා දිල්ලියේ අධික පරිසර දූෂණය අපටත් එයිද?

දීපවාලි දා දිල්ලියේ අධික පරිසර දූෂණය අපටත් එයිද?

ඉන්දියාවේ ජාතික අගනුවර දිල්ලි කලාපය දීපවාලි උදෑසන අද (20) විෂ සහිත වායුව සමඟ නගරවාසීන් අවදි වූ බව එරට මාධ්‍ය පැවසුවා.

ඉන්දීය ජාතික රූපවාහිනී සේවය වාතා කළේ වායු ගුණාත්මක දර්ශකය (AQI) “ඉතා දුර්වල” කාණ්ඩයට නරක අතට හැරී තිබූ බවයි.

ඉන්දීය මධ්‍යම දූෂණ පාලන මණ්ඩලයට (CPCB) අනුව, මිනිසුන් රතිඤ්ඤා පුපුරුවා හැරීමෙන් පසු උදෑසන 8 වන විට නගරයේ වායු ගුණාත්මක දර්ශකය 335 ක් වාර්තා වූ අතර, එමඟින් දැඩි ශබ්ද දූෂණයක් ඇති වී ජාතික අගනුවර දුමෙන් වැසී ගොස් තිබෙනවා.

දිල්ලියේ ආසන්න වශයෙන් නිරීක්ෂණ මධ්‍යස්ථාන 38ක් ඇති අතර ඉන් , බොහෝමයක් වායු ගුණාත්මක දර්ශක මට්ටම් 300 ට වඩා (“ඉතා දුර්වල”) වාර්තා වූ අතර, ආනන්ද් විහාර් (414) සහ වසීර්පූර් (407) “දරුණු” කාණ්ඩයට අයත් වූ බව සදහන්.

0 සහ 50 අතර වායු ගුණාත්මක දර්ශකය “හොඳ”, 51 සිට 100 දක්වා “සතුටුදායක”, 101 සිට 200 දක්වා “මධ්‍යස්ථ”, 201 සිට 300 දක්වා “දුර්වල”, 301 සිට 400 දක්වා “ඉතා දුර්වල” සහ 401 සිට 500 දක්වා “දරුණු” ලෙස සැලකෙනවා.

ඉදිරි දින සඳහා මණ්ඩලයේ පුරෝකථනය සමාන ප්‍රවණතාවක් පෙන්නුම් කරන අතර, හෙට (21) සහ අනිද්දා (22) දිනවල වාතයේ ගුණාත්මකභාවය “දරුණු” කාණ්ඩයට තවදුරටත් පිරිහෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

දීපවාලි දිනයේදී හරිත රතිඤ්ඤා සඳහා පමණක් අවසර දෙනු ලැබූ වද අද දිල්ලි හි හරිත රතිඤ්ඤා පමණක් විකිණීමට සහ පුපුරුවා හැරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දී ඇත්තේ යම් යම් කොන්දේසි සහිතවයි.

හරිත රතිඤ්ඤා භාවිතය නිශ්චිත වේලාවන්ට සීමා වන අතර – දීපවාලි දිනට පෙර දින උදෑසන 6 සිට සවස 7 දක්වා සහ උත්සව දිනයේ උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා පමණක් හරිත රතිඤ්ඤා දැල්වීමටයි අවසර දී ඇත්තේ.

මීට පෙර ගිනිකෙළි නිෂ්පාදනය, විකිණීම සහ භාවිතය සඳහා සම්පූර්ණ තහනමක් ද පනවා තිබුණා.

 

 

Share This