දුම්රියක් පීලි පනී

දුම්රියක් පීලි පනී

කොළඹ කොටුව සිට මඩකලපුව දක්වා ධාවනය වූ මීනගයා නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය අද (20) අලුයම පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

වන අලියෙක් දුම්රියේ ගැටීමෙන් සිදු වූ අනතුරක් හේතුවෙන් ගල්ඔය සහ හබරණ අතර හතරැස් කොටුව ප්‍රදේශයේ දී මෙලෙස දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

දුම්රිය පීලිවලට හානි සිදුවී ඇති බැවින් මේ වෙනවිට කොළඹ මඩකලපුව දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Share This