
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් දැඩි තීරණයක්
කොළඹ කොට්ඨාසයේ උප දුම්රිය ස්ථානවල සහන සේවයේ නිරත වී සිටින දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි එම රාජකාරි කටයුතුවලින් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.
දුම්රිය ස්ථානාධිපති සංගමය විසින් එම තීරණය ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් එම සංගමය විසින් දුම්රිය සාමාන්‍යාධිකරිවරයා වෙත දැනුම්දී ඇති බව සඳහන්.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ට ඍජු වශයෙන් බලපා ඇති ගැටලු කඩිනමින් විසඳීමට පියවර නොගැනීම සහ දුම්රිය ස්ථානාධිපති සේවයේ දැනට පවත්නා අධික පුරප්පාඩු තත්ත්වයන් පිරවීමට නවක බඳවා ගැනීම් කඩිනම් නොකිරීම යන කරුණුවලට විරෝධය දක්වමින් සිදු කරන වෘත්තීය ක්‍රියාමාර්ගයක් ලෙස ද මෙය ක්‍රියාත්මක කරන බවයි එම සංගමය පැවසුවේ.