දුමින්ද දිසානායකට ඇප සලකා බැලීම ජූලි 14

දුමින්ද දිසානායකට ඇප සලකා බැලීම ජූලි 14

රන් පැහැති ගිනි අවියක් සම්බන්ධ සිද්ධියකට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන මේ වනවිට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ඇප මත මුදා හරින්නැයි ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම එළැඹෙන ජූලි මස 14 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද දින නියම කළා.

අදාළ පෙත්සම අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා එම පෙත්සම සම්බන්ධයෙන් විමසීමක් සිදුකිරීම සුදුසු බවට තීන්දු කරනු ලැබුවා.

 

 

Share This