දුර්ලභ රෝස පැහැති තණකොළ පෙත්තෙක් මෙන්න

දුර්ලභ රෝස පැහැති තණකොළ පෙත්තෙක් මෙන්න

එංගලන්තයේ 8 හැවිරිදි වියෙහි පසුවන ළමා ඡායාරූප ශිල්පිනියක විසින් දුර්ලභ රෝස තණකොළ පෙත්තෙකුගේ ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ හුවමාරු කරගෙන තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම දුර්ලභ මෙන්ම විශිෂ්ට ඡායාරූපය ගත් ජෙමී, එංගලන්තයේ සම්මානලාභී ඡායාරූප ශිල්පිනියකද වන බවයි.

ඒ අනුව තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි වීඩියෝවක, ජෙමී තම සොයාගැනීම් බෙදා ගත් අතර, ඔවුන්ගේ ජීවිත කාලය තුළ මෙම රෝස තණකොළ පෙත්තෙකු දැකිය හැකි වන්නේ මිනිසුන්ගෙන් 1% ක් පමණක් බවද පැහැදිලි කළා.

තණකොළ පෙත්තාගේ සිත් ඇදගන්නා රෝස පැහැය, රෝස පැහැති වර්ණක අධික ලෙස නිපදවීමට සහ කළු පැහැය අඩුවෙන් නිපදවීමට හේතු වන ජාන විකෘතියක් හේතුවෙන් සිදුවන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This