
දෙමටගොඩ ගුවන් පාලම යට දී මරා දැමූ පුද්ගලයා ලියාපදිංචි අපරාධකරුවෙක්
දෙමටගොඩ ගුවන් පාලම යට නවාතැන්ගෙන නිදා සිටි පුද්ගලයෙකු පසු පස එළවමින් අතින් පයින් හා පොලු වලින් පහර දෙමින් ඝාතනය කිරීම සම්බන්ධයෙන් තරුණයන් සිව් දෙනකු දෙමටගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ අබ්දුල් ගපූර් මොහොමඩ් සුලෙයිමාන් නමැති අවුරුදු 52 ක් වයසැති ලියාපදිංචි අපරාධකරුවෙක් බවත් දෙමටගොඩ පොලිසිය සදහන් කරනවා.
හදිසියේ ඇතිවූ බහින්බස්වීමකින් අනතුරුව දෙමටගොඩ ගුවන් පාලම ආසන්නයේ මහවිල පටුමග අසලදී මෙම පුද්ගලයාට පොල්ලකින් සහ අතින් පයින් පහර දී එම තරුණයන් සිව් දෙනා එම ස්ථානයෙන් පලා ගොස් ඇත.
පසුව ලද තොරතුරකට අනුව බරපතළ තුවාල ලැබූ පුද්ගලයා පොලිස් ජංගම සංචාර රථයකින් ජාතික රෝහලට රැගෙන ගොස් ඇති අතර ඇතුළත් කිරීමෙන් අනතුරුවයි ඔහු මියගොස් තිබෙන්නේ.