
දෙමාපිය ගුරු වැඩිහිටියන්ගේ අත්බැඳීමට ආණ්ඩුව ගන්නා උත්සාහය පරාජය කළ යුතුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
දරුවන්ට සරු දේ ,හොඳ දේ කියා දෙන්නේ ආගමික නායකයින්, ගුරුවරුන් දෙමාපිය වැඩිහිටියන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
විපක්ෂ නායකවරයා ගේ අදහස වන්නේ හොඳ නරක කියාදීම ඒ අයගේ වගකීම බවත්, ඊට බාධාවන් නොතිබිය යුතු බවයි.
හොඳ නරක කියා දීමේ දී ශාරීරික මානසික හිංසනයට, කෘරත්වයට ලක් කළ නොහැකි බව සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඔහු පවසන්නේ මේ හොඳ නරක ක්රියාදීමේ ක්‍රියාවලිය තුළ දරුවාගේ අභිමානය ආරක්ෂා වන ආකාරයට කටයුතු කරනවා සේම, දෙමාපියන්ගේ, ගුරුවරුන්ගේ අත්බැඳ සත්භාවයෙන් දෙන උපදෙස් අවවාද සමාජයෙන් නැති කරන්නට දරන උත්සාහයන් පරාජය කළ යුතු බවයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කොළඹ දිස්ත්‍රික් සිසු නිපුණතා ඇගයීමේ වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් ශාසනාරක්ෂක බල මණ්ඩල නියෝජනය වන පරිදි දහම් පාසල් දරු දැරියන්ගේ දිස්ත්‍රික් සිසු නිපුණතා ඇගයීමේ වැඩසටහනක් සදහා එක්වෙමින්.
කඩුවෙල බෝමිරිය ජාතික පාසල් භූමියේ දී පැවැති මෙම වැඩසටහන සදහා අවශ්‍ය ත්‍යාග හා මූල්‍ය අනුග්‍රහ ලබා දීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගේ මැදිහත්වීම තුළින් සිදු කළා.