දෙවිනුවර ද්විත්ව ඝාතනයට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්

දෙවිනුවර ද්විත්ව ඝාතනයට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්

දෙවිනුවර දේවාලය ඉදිරිපිට වෙඩි තබා සිදුකල ද්විත්ව ඝාතනයට අදාළව රැඳවුම් නියෝග ලබා ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් මස 08 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා

ඒ අනුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ වෙඩි තැබීමේ කොන්ත්‍රාත්තුව ලබා ගත් පුද්ගලයාගේ බිරිඳ, වෙඩි තැබීමට පැමිණි සැකකරුවන්ට නවාතැන් ලබා දුන් අයෙකු සහ ”බාලේ මල්ලි” යන අයගේ ඥාති සහෝදරයෙකු වන දැනට විදේශගතව සිටින ලසිත් නැමැත්තාගේ බිරිදගේ නැගනිය සමග මොහු සමීප සම්බන්ධතා පවත්වනු ලබන පුද්ගලයෙකුයි

මීට අමතරව මරණකරු සමග එකට මත්පැන් පානයකළ අයෙකු ද දුරකථනයට ඇමතුමක් ලැබීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර තවත් අයෙකුද සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා

මෙම පිරිස අද (29) මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ

මීට අමතරව වෙඩි තැබිම සිදුකරන ලෙස නියෝග දුන් බවට සඳහන් දෙහි පොඩ්ඩා යන අයගේ ඥාති සහෝදරයා සම්බන්ධයෙන් පැය 72ක රැදවුම් නියෝග ලබා දී තිබෙනවා

 

 

 

 

 

 

Share This