දෙහිවල සත්වෝද්‍යානය නව සාමාජිකයන්ගේ වර්ණවත් වෙයි (VIDEO)

දෙහිවල සත්වෝද්‍යානය නව සාමාජිකයන්ගේ වර්ණවත් වෙයි (VIDEO)

දෙහිවල සත්වෝද්‍යානයේ අලුතින් උපත ලද මැකෝ ගිරවුන් සහ නිල් ගව පැටවෙකු මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කොට තිබෙනවා.

අලුත උපන් නිල් ගවයා සැළකෙන්නේ වඳවී යන සත්ත්ව කොට්ඨාසයක් ලෙසටයි.

විවිධ දේශගුණික කලාප සහ විවිධ රටවලට ආවේනික මෙන්ම මෙරටට ආවේණික සතුන් දෙහිවල සත්වෝද්‍යානයේ රඳවා සිටිනවා.

ඒ අතර සිටින වර්ණවත් පක්‍ෂි විශේෂයක් ලෙසින් මෙම නිල් කහ මැකෝ ගිරවුන් හඳුන්වා දිය හැකියි.

මෙවැනි නිල් සහ මැකෝ ගිරා පැටවුන් 4 දෙනෙකු පසුගියදා උපත ලබා ඇති අතර ඔවුන් මහජන ප්‍රදර්ශන සඳහා මේ වන විට එක්කර තිබෙනවා.

Share This