දේවමැදි හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය අත්හිටුවයි

දේවමැදි හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය අත්හිටුවයි

ගරුතර මහා සංඝ සභාවේ නියමයන් උල්ලංඝණය කරමින් අත්තනෝමතික ලෙස කටයුතු කිරීම හේතුවෙන් පූජ්‍ය කටුමුළුවේ සුමනරතන ස්ථවීරයන් වහන්සේව පත් කර ඇති දේවමැදි හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය අත්හිටුවීමට මල්වතු මහා විහාරීය කාරක මහා සංඝ සභාව තිරණය කර තිබෙනවා

මල්වතු පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා නායක හිමිපාණන් වහන්සේගේ අත්සනින් යුතු ලිපියක් මගින් මේ බව දන්වා යවා ඇති බවයි වාර්තා වන්නේ

ගරුතර මහාසංඝ සභාවේ නියමයන් උල්ලංඝණය කරමින් අත්තනෝමතික ලෙස කටයුතු කිරීම මහා නායක හිමිපාණන් වහන්සේ ප්‍රධාන සංඝ සභාවේ අප්‍රසාදයට හේතු වී ඇති බවත් එම ලිපියේ සඳහන්

අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා නායක හිමිපාණන් වහන්සේගේ අත්සනින් යුතුව අදාළ අත්හිටුවීම පිළිබඳ දැනුම් දෙමින් යොමුකළ ලිපිය පහතින්

Share This