දේශගුණික විපර්යාසයන්ගෙන් මානව හිමිකම් උල්ලංඝනය වෙලා – යුරෝපීය අධිකරණයෙන් තීන්දුවක්

දේශගුණික විපර්යාසයන්ගෙන් මානව හිමිකම් උල්ලංඝනය වෙලා – යුරෝපීය අධිකරණයෙන් තීන්දුවක්

ස්විට්සර්ලන්ත කාන්තාවන් පිරිසක් මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණයේ ගොනුකර තිබූ ප්‍රථම දේශගුණික නඩුවේ ජයග්‍රහණය කරඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

70 ගණන්වල පසුවන කාන්තාවන් කියා සිටියේ ඔවුන්ගේ වයස සහ ස්ත්‍රී පුරුෂ භාවය දේශගුණික විපර්යාසවල බලපෑමට විශේෂයෙන් ගොදුරු වන බවයි.

ඒ අනුව දේශගුණික විපර්යාසයන්ගෙන් වන බලපෑම අඩු කිරීමේ ඉලක්ක සපුරා ගැනීමට ස්විට්සර්ලන්තය දරන උත්සාහය ප්‍රමාණවත් නොවන බව අධිකරණය ප්‍රකාශ කර තිබෙනවා.

ගෝලීය උණුසුම ඉහළ යෑම සම්බන්ධයෙන් බලවත් අධිකරණය තීන්දුවක් දුන් පළමු අවස්ථාව එයයි.

මෙම තීන්දුව එක්සත් රාජධානිය ඇතුළු යුරෝපයේ රටවල් 46ක නීතියට බලපෑම් කිරීමේ හැකියාව පවතිනවා.

අද(09) නිකුත් කර ඇති දත්තවලට අනුව පසුගිය මාසය එනම් මාර්තු මාසය වාර්තාගත ලෙස ලෝකයේ උණුසුම්ම මාසය වූ බව සඳහන්,.

ඒ අනුව උෂ්ණත්ව වාර්තා පිට පිට මාස දහයක් බිඳ වැටී ඇති බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.

පෘතුගීසි තරුණයින් හය දෙනෙකු සහ හිටපු ප්‍රංශ නගරාධිපතිවරයෙකු විසින් ඉදිරිපත් කරන ලද තවත් දේශගුණික විපර්යාස නඩු දෙකක් අධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබෙනවා.

යුරෝපීය ආණ්ඩු ඔවුන්ගේ අයිතීන් උල්ලංඝනය කරමින් දේශගුණික විපර්යාස ඉක්මනින් විසඳීමට අසමත් වූ බවයි ඔවුන් තර්ක කළේ.

ගෝලීය වශයෙන් රජයන් ඔවුන්ගේ හරිතාගාර වායු විමෝචනය විශාල ලෙස අඩු කිරීමට අත්සන් තබා තිබෙනවා.

නමුත් විද්‍යාඥයින් සහ ක්‍රියාකාරීන් පවසන්නේ ප්‍රගතිය ඉතා මන්දගාමී බවත් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සෙල්සියස් අංශක 1.5 දක්වා සීමා කිරීමේ තීරණාත්මක ඉලක්කය සපුරාලීමට ලෝකය සමත් නොවන බවත්ය.

Share This