
දේශබන්දු පොලිස්පති කිරීමට එරෙහි නඩුවේ රනිල් වගඋත්තරකරුවෙක් ලෙස “නමින්” නම් කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගනු ලැබූ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා.
මෙම පෙත්සම් අද (08) අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම් ලබන වසරේ පෙබරවාරි මස 12 වැනි දා විභාගයට ගන්නා බවයි.
අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව විසින් පෙත්සම් 09 ක් ඉදිරිපත් කර තිබෙනවා.
දේශබන්දු තෙන්නකෝන් මහතා ව්‍යවස්ථා විරෝධීව පොලිස්පති ලෙස පත්කිරීම සම්බන්ධයෙන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් වසරේ ඔක්තෝබර් 29 වැනිදා අවසර ලබා දුන්නා.
රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ජනාධිපති ධුරයෙන් නික්ම ගොස් ඇති හෙයින් ඔහුගේ මුක්තිය ඉවත්වී ඇති නිසා ඔහු නමින්ම වගඋත්තරකරුවකු කිරීමට අවසර දෙන ලෙස මෝසමක් මගින් පෙත්සම කැඳවූ අවස්ථාවේදී තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ඉල්ලා සිටියා.
ඒ අනුව කරුණු සලකා බැලූ ප්‍රීති පද්මන් සූරසේන සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල රනිල් වික්‍රමසිංහ මහතා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කිරීමට අවසර ලබාදීමට නියෝග කළා.
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස පත් කිරීම ව්‍යවස්ථා විරෝධී බව කියමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මෙම පෙත්සම ගොනු කර තිබුණා.
මීට පෙර මෙම පෙත්සම තවත් පෙත්සම් හතක් සමග කැඳවූ අවස්ථාවේදී දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම තාවකාලිකව නතර කරමින් අතුරු නියෝගයක් ද ඉකුත් වසරේ නිකුත් කළා.
එසේම ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයාත්, කතානායකවරයාත්, දේශබන්දු තෙන්නකෝන් මහතාත් මූලික අයිතිවාසිකම් කඩ කර ඇත්දැයි සොයා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.