
දේශබන්දු පොලිස්පති ධුරයෙන් පහ කිරීමට ජනාධිපති පියවර ගනී
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් පහ කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පියවර ගත්තා.
පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයට අදාළ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් පහ කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පියවර ගත්තා.
ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කළ බවට වන ලිපිය ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයාට අද ජනාධිපතිවරයා ලිඛිතව දැනුම්දුන් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවා.
දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් පහ කිරීමට අදාළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ යෝජනාව විවාද කිරීමෙන් අනතුරුව ඊයේ මන්ත්‍රිවරුන් 177 දෙනෙකුගේ ඡන්දයෙන් ඊයේ සම්මත වුණා.
ඒ බව කථානායකවරයා ඊයේ දිනයේම ජනාධිපතිතුමාට දැනුම්දීමටයි පියවර ගත්තේ.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් දේශබන්දු තෙන්නකෝන් මහතාව පොලිස්පති ධුරයෙන් නෙරපා හැරීමේ ලිපිය අද දිනයේ දේශබන්දු තෙන්නකෝන් මහතාටත් ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා ලෙස කථානායක වරයාටත් දන්වනු ලැබූ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවා.