දේශසීමා තරණය කළ අමෙරිකානු සොල්දාදුවා ගැන ප්‍රථමවරට උතුරු කොරියාවෙන් ප්‍රතිචාර

දේශසීමා තරණය කළ අමෙරිකානු සොල්දාදුවා ගැන ප්‍රථමවරට උතුරු කොරියාවෙන් ප්‍රතිචාර

උතුරු කොරියාවේ දේශසීමා තරණය කළ Travis King නැමැති අමෙරිකානු සොල්දාදුවා සිටින ස්ථානය පිළිබඳව ඉල්ලා සිටි තොරතුරුවලට ප්‍රථම වතාවට උතුරු කොරියාව ප්‍රතිචාර දක්වා ඇති බව එක්සත් ජාතීන්ගේ අණදෙන නිලධාරියා තහවුරු කර තිබෙනවා

Travis King අනවසරයෙන් දකුණු කොරියාවේ සිට දේශසීමා තරණය කළ සෙබළෙකු බවයි මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කළේ

23 හැවිරිදි මෙම පුද්ගලයා ජූලි 18 වන දින දකුණු කොරියාවේ සිට දේශසීමාව හරහා ගමන් කරමින් උතුරු කොරියාවට ළඟාවූ අතර එතැන් සිට කිසිදු තොරතුරක් ලබා ගැනීමට හැකියාව තිබුණේ නැහැ

කෙසේවෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවේ ප්‍රතිචාරය සම්බන්ධයෙන් වැඩිදුර විස්තර ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති අතර සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් බව සඳහන් කර තිබෙනවා

Share This