දේශීය ආදායම් පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය

දේශීය ආදායම් පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය සටහන් කර තිබෙනවා

ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 2 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත ලෙස බලාත්මක වනවා

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත ඊයේ (20) පාර්ලිමේන්තුවේ සංශෝධන රහිතව සම්මත වුණා.

මෙම පනත් කෙටුම්පතට අදාළ දෙවනවර කියවීමේ විවාදය ඊයේ ප.ව. 5.40 සිට ප.ව. 7.10 දක්වා පැවති අතර ඉන් අනතුරුව, කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා බැලීමෙන් පසුව සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා මෙම මස 01 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා

Share This