ධවල මන්දිරයේ ගේට්ටුවක වාහනයක් හැපෙයි – රියදුරු අත්අඩංගුවට

ධවල මන්දිරයේ ගේට්ටුවක වාහනයක් හැපෙයි – රියදුරු අත්අඩංගුවට

ධවල මන්දිර සංකීර්ණයෙන් පිටත ගේට්ටුවක වාහනයක් ගැටීමෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එක්සත් ජනපද රහස් සේවය පවසනවා

මෙම සිද්ධිය එරට දේශීය වේලාවෙන් 18:00 ට පමණ සිදුව ඇති බවයි පැවසෙන්නේ .

මේ අවස්ථාවේ ජනාධිපති ජෝ බයිඩන් වොෂින්ටන් හි නොසිටි අතර ඔහු දකුණු කැරොලිනාවේ සිට ටෙක්සාස් දක්වා ගමන් කරමින් සිටි බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

මෙම සිදුවීමෙන් කිසිදු අයෙක් තුවාල වී නොමැති බවද සඳහන්

එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවදුරටත් විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින බව සඳහන්

රියදුරුගේ නම ප්‍රකාශයට පත් කර නොමැති අතර සිදුවීමෙන් පසු ධවල මන්දිරයට නැගෙනහිරින් ඇති මාර්ග වසා දමා තිබෙනවා

Share This