ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක උපදේශකවරයා ඊශ්‍රායල රජය සමඟ සාකච්ඡා කිරීමේ සූදානමක්

ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක උපදේශකවරයා ඊශ්‍රායල රජය සමඟ සාකච්ඡා කිරීමේ සූදානමක්

ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක උපදේශක Jake Sullivan අද (14) ඊශ්‍රායල රජය සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Jake Sullivan ඊශ්‍රායල නායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ අද දකින ආකාරයේ ඉහළ තීව්‍රතාවයකින් යුත් මෙහෙයුම් වලින් වෙනස් අදියරකට ගමන් කරන ලෙසයි

ඊයේ (13) ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක උපදේශකවරයා සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු සමග සාකච්ඡා පැවැත්වූ අතර එහිදී ඔවුන් මැද පෙරදිග කල්පවත්නා සාමයක් ඇති කිරීම පිළිබඳව සාකච්ඡා කළ බවයි පැවසෙන්නේ .

කෙසේවෙතත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ගාසා තීරයේ සොල්දාදුවන්ටපවසා තිබෙන්නේ හමාස් සමූල ඝාතනය කරන තුරු යුද්ධය දිගටම පවතිනු ඇති බවයි.

Share This