ධවල මන්දිරය අසළ රිය අනතුරක් -රියදුරු සොයා මෙහෙයුම්

ධවල මන්දිරය අසළ රිය අනතුරක් -රියදුරු සොයා මෙහෙයුම්

ධවල මන්දිරය අසළ රථවාහන පරීක්ෂා කිරීමේ මුර කපොල්ලකදී රථයක් නැවැත්වීමට පොලිස් නිලධාරීන් දුන් අණ නොතකා රියදුරෙක් පලා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මෙම මුර කපොල්ල එක්සත් ජනපද රහස් ඔත්තු සේවය විසින් පිහිටුවා ඇති අතර අණ නොතකා රථය ධාවනය කිරීම් නිසා ඒ අසළින් ගමන් ගත් පුද්ගලයින්ගේ එම රථය ගැටී ඇති අතර එක් අයෙක් මිය ගොස් ඇති බවද පැවසෙනවා

13 හැවිරිදි ගැහැණු දරුවෙක් ඇතුළු තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන්

මෙම මෝටර් රථයේ ලියාපදිංචි අංකය පිළිබඳව ගැටළු සහගත තත්ත්වයක් පවතින බවත් සැකකරු සොයා තවමත් විමර්ශන සිදු කෙරෙන බවත් විදෙස් මාධ්‍ය පවසනවා

Share This