
නජ්මුල් හොසේන් බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් නායකත්වයෙන් ඉවත් වේ
ශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරගාවලිය 1- 0 ලෙස පරාජය වෙමින් අද ඉනිමකින් සහ ලකුණු 78 කින් දෙවැනි ටෙස්ට් තරගය පරාජය වීමත් සමග නජ්මුල් හොසේන් ෂැන්ටෝ බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් නායකත්වයෙන් ඉවත් වී තිබෙනවා.
අද තරග පරාජයත් සමග නජ්මුල් තම තීරණය කොළඹ දී ප්‍රකාශ කළා.
ඔහු තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී “මම බංග්ලාදේශ ටෙස්ට් නායකත්වයෙන් ඉවත් වෙනවා. මෙම ආකෘතියේ නායකත්වයෙන් ඉදිරියට යාමට මට අවශ්‍ය නැහැ.” පැවසුවා.
නජ්මුල් සදහන් කළේ බංග්ලාදේශයට ආකෘති තුනකින් නායකයින් තිදෙනෙකු අවශ්‍ය නොවන බව තමාට හැඟුණු බවත්, එබැවින් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.