නයා දෂ්ට කරා කියලා නයාව දෙපාරක් හපලා මරලා

නයා දෂ්ට කරා කියලා නයාව දෙපාරක් හපලා මරලා

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ මිනිසකුට සර්පයෙක් දෂ්ට කිරීමෙන් පසු ඒ පුද්ගලයා සිදුකළ අමුතු පළිගැනීමක් ගැන ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

එම පුද්ගලයා සර්පයා ඔහුට දශ්ට කල තරහට පළිගැනීමේ අරමුණින් සර්පයාව දෙපාරක් සපා මරා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ බිහාර් ප්‍රාන්තයේ නවදාහි රාජෝලි ප්‍රදේශයෙන්.

රාජෝලි හි දුම්රිය මාර්ග ව්‍යාපෘතියේ වැඩ කරන කම්කරුවෙකු වන සන්තෝෂ් ලෝහාර් යන මෙම පුද්ගලයා රාත්‍රියේ කඳවුරේ නිදා සිටියදී විෂ සහිත සර්පයෙකු ඔහුට දෂ්ට කර තිබෙනවා.

ඒ වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගන්නවා වෙනුවට කෝපයට පත් සන්තෝෂ් සර්පයා යකඩ පොල්ලකින් අල්ලා දෙපාරක් සපා සර්පයා සපා කා සර්පයා මරා දැමීමට කටයුතු කර ඇති බව සදහන්.

වෛද්‍යවරුන් පවසන්නේ සන්තෝශ් මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බවයි.

කෙසේ වෙතත් සර්පයෙකුව සපා කා මරා දැමීම අනුමත නොකරන බවයි එරට සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සදහන් කරන්නේ.

Share This