නයිජීරියාවේ බෝට්ටු අනතුරකින් 26ක් මරුට

නයිජීරියාවේ බෝට්ටු අනතුරකින් 26ක් මරුට

උතුරු නයිජීරියාවේ බෝට්ටුවක් පෙරළීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මෙම යාත්‍රාව පෙරළීමට පෙර ප්‍රාන්තයේ මොක්වා පළාත් පාලන ප්‍රදේශයේ ජෙබ්බා සහ කයින්ජි වේල්ල අතර ජීවත් වන කාන්තාවන් සහ ළමුන් ඇතුළු මගීන් 100කට අධික සංඛ්‍යාවක් රැගෙන යමින් සිටි බවයි පැවසෙන්නේ

30කට වැඩි පිරිසක් බේරාගෙන තිබෙනවා.

නයිජර් ප්‍රාන්ත හදිසි කළමනාකරණ ඒජන්සිය ,සමුද්‍ර පොලිසිය සහ ප්‍රාදේශීය කිමිදුම්කරුවන් එක්ව ඒකාබද්ධ ගලවා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බවද සඳහන්

අනතුරට හේතුව තවමත් පැහැදිලි නැහැ

බොහෝ මගීන් තම ගොවිපලවලට පැමිණීම සඳහා වේල්ල තරණය කරමින් සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ

Share This