
නවසඳ දිස් වීමෙන් රාමසාන් උත්සවය හෙට
මෙරට මුස්ලිම් ජනතාව හෙට (31) දිනයේ රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරනවා
ඒ අනුව හිලාල් අනුකමිටුවල වාර්තාවන්ට අනුව, හිජ්රි 1446 ෂව්වාල් මාසයේ නවසඳ අද දින (30) දිස් වූ බව දැනුම් දී තිබෙනවා
එමෙන්ම කොළඹ මහපල්ලිය, සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ හිලාල් අංශය හා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව 1446 ෂව්වාල් මාසයේ පළමු දින මාර්තු 31වනදා බවටයි ඒකමතිකව ප්‍රකාශ කර ඇත්තේ