
නවසීලන්තයට කඩුලු 08ක ජයක්
2023 ලෝක කුසලාන තරගාවලියේ අද (13) පැවති 11 වන තරගයේ ජය වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.
ඒ කඩුලු 08කින්.
කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.
ඒ අනුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී සිටියදී ලකුණු 245ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 42යි පන්දු 05ක් අවසානයේ ජයග්රාහී සීමාව පසුකර ගියේ කඩුලු 02ක් පමණක් දැවී සිටිය දීයි.
තරගයේ ලකුණු සටහන පහතින්


