
නවසීලන්තයට ලකුණු 283ක ඉලක්කයක්
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය වන නවසීලන්තය සහ එංගලන්තය අතර තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 282ක් ලබා ගැනීමට සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායමේ ආරාධනයෙනුයි එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදුන්නේ.
ඒ අනුව තරගය ජයගැනීම සඳහා නවසීලන්තයට හිමිවී ඇති ඉලක්කය ලකුණු 283ක්.
